Social Icons

CK4U

Pages

Saturday, December 14, 2013

දෙමළ චිත්‍රපට හා නළුවන් අපේ රටට විරුද්ධව පෙනී සිටීම නිසා අපි ඔවුන්ගේ නිර්මාණ වර්ජනය කල යුතුද නැද්ද ?


මුලින්ම කියන්න ඕනේ මගේ නම් එහෙම කිසිම බෙදීමක් නැ කලාවට මම ඕනෙම රටක නිර්මානයක් හොදයිනම් මම ඒක රස විදිනවා ..
         මේ වසරේ අපේ රට එරෙහිව ඉන්දියාව (ඉන්දියානු රජය) ගත්තු ක්‍රියාමාර්ග ගැන අපේ රටේ මිනිස්සු
ඒ වගේම රජය යම් කලකිරීමකට පත්වෙලානේ හිටියේ මම දේශපාලනික පසුබිම ගැන වැඩිය කියන්න දන්නේ නැ දන්නා කෙනෙක් ඉන්නවනම් ඒක මට එවන්න මම පලකරන්නම් ! ඉතින් මේ ඉන්දියාවේ විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ එල්ලවුණු විරෝද තමා උඝ්‍ර විදිහට තිබුනේ .. ඉතින් ඒ දකුණු ඉන්දියානු
ඒ කියන්නේ දෙමල මිනිසුන්ගේ ඒ විරෝධ වලට ප්‍රධාන තැන අරගෙන ක්‍රියා කරේ දෙමල සිනමාවේ නළුවන් ...ඇත්තටම මේ විරෝධතා වලට විරුද්ධව අපේ රටේ නළුවන් අධිෂ්ඨාන පුජාවක් ද මොකක්ද එකක් කරා ඒක මම ගරහනවා නෙවේ .. නමුත් " ගින්නත් එක්ක සෙල්ලන් කරන්න ඕනේ ගින්නෙන්මයි "! හරි ඒක වැඩක් නැ කියමුකෝ ...
                    ඒ වගේම වර්තමානයේ අපේ බෞද්ධ සංවිධානයක් මේ දෙමල චිත්‍රපට තහනම් කරන්න වැඩ පිළිවෙලක් කරගෙන යනවා ..ඇත්තටම ඒක මමනම් අගය කරනවා වගේම එකේ පොඩි අසාධාරණ කමකුත් තියෙනවා ...  දැන් ඇත්තටම සිංහල ජාතිය ඉන්න එකම රට වෙන ලංකාවේ මිනිස්සු ඒ ලංකාවට එරෙහිකම්
කරන මිනිස්සු පෝසත් කරන්න හෝල් ගානේ ගිහිල්ලා මේවා බලන්න ඕනේ නැ එකට මම 100 % එකගයි ..
නමුත් මේ සිදුවීම අස්සෙත් තවම මෙහෙම ෆිල්ම් හෝල් ගානේ ගිහිල්ලා බලන මිනිස්සු ඉන්නවා ... ඇත්තටම කාලාවට අපි සිමා බාධා තියාගන්න ඕනේ නැ වගේම රටේ ලෝකේ වෙන දේවල් හැටියටත් හැසිරිය යුතු අවස්ථා තියෙනවා .. හරි දැන් මම කියන්නම් අර පොඩි අසාධාරණය ගැන ඇත්තටම අපේ රටේ සිංහල මිනිස්සු විතරක් නෙවේ තව ජාතින් තුනක් සමග සහයෝගයෙන් ජීවත් වෙන රටක් ඉතින් මෙහෙම තහනම් කරොත් ඒ දෙමල සහෝදර ජන කොට්ඨාශයට ඔවුන්ගේ භාෂාවෙන් තියෙන චිත්‍රපට නැරඹීමට නොහැකි වෙනු ඇත .. ඒ නිසා මගේ පෞද්ගලික මතයනම් මේ වගේ ගැටළු වලදී හැමෝම එක්වී සහයෝගී ඒ වගේම බුද්ධිමත් තීරණයකට එන්න ඕනේ කියන එකයි ..
                                  ඊළගට අපි පොඩ්ඩක් බලමු ඉන්දියාවේ ඇතුලේ වාතාවරණය ඇත්තටම මම ඉන්දියාවේ ගිහින් නැ එත් අත්දැකීම් තියෙනවා ඇය කියන හැටියට ඉන්දියාවේ මිනිස්සු ටිකක් හැසිරෙනවා භයානකයිලු .. ක්‍රිකට් මැච් එකක් පැරදුනොත් ක්‍රීඩකයින්ට මාසයක් දෙකක් යනකන් හැන්ගිලාලු ඉන්න වෙන්නේ .. ඉතින් ඒ ඒ රටවල් වල හැටි වෙන්න ඇති මටනං හිතෙන විදිහට මේ නළු නිලි විරෝදතා ආවේ
ඔවුන්ගේ ජනයා ඉස්සරහ ඔවුන්ගේ තැන තියාගන්න ඕනේ නිසා වෙන්න ඕනේ ඒ වගේම ඔවුන්ට ඕනෙම වෙලාවක අයිතිය තියෙනවා ඔවුන්ගේ රට ජාතිය වෙනුවෙන් පෙනී හිටින්න , අපිට අපේ රට ජාතිය වටිංවා වගේම ඔවුන්ටත් ඔවුන්ගේ රට ජාතිය වටිනවා ! මම ඉතින් මේ කෙටි විග්‍රහයක් කරේ ඇත්තටම සමහරු
මේක අමුතු දෙයක් කරගෙන ඒක ඒක ඒවා කියනවා ඉතින් ඒක නිසා තමා මම මධ්‍යස්තව දැනමුතු අය (ස්වාමින් වහන්සේ නමක්ද) ඇතුළුව උපදෙස් මත මේ කෙටි ලිපිය සකසා ගත්තේ ..මම කියන්නේ ප්‍රශ්නයක් ආවම එයට බුද්ධිමත්ව මුහුණ දීම තමා සුදුසු කියලා ඉතින් මේක කියවල මට බනින්න හිතෙනවනං බනින්න ..එකේ ගැටළුවක් නැ මම මගේ පෞද්ගලික මතය යටින් ඉදරිපත් කරලා යන්නන්

              .........සිනමාවට කලාවට සිමාමායිම් තියාගන්න ඕනේ නැ ඕනෙම දෙයක් ඕනෙම කෙනෙකුට රසවිදීමට අයිතිය තියෙනවා ....

Tuesday, December 10, 2013