Social Icons

CK4U

Pages

Sunday, November 3, 2013

Revolution 2012 TV Series එක ගැන කට්ටිය කියන කතා


රෙවලුෂන් ගැන හැමෝම දන්නවනේ ඉතින් මම අද මේ රුපවාහිනි කතා මාලාවේ දෙවෙනි 
අදියර ගැන කට්ටිය කියපු කතා අනුව කෙටි විග්‍රහයක් කරන්නයි හදන්නේ .. ඇත්තටම 
මමනං මහා ලොකු චිත්‍රපට විචාරකයෙක් නෙවේ මට තේරෙන විදිහට කට්ටියට දල
අදහසක් ගන්න පුළුවන් වෙන්න මම විස්තරයක් කියන්නම් ....
     මුලින්ම ඇත්තටම මේ කතා මාලාව පටන් ගද්දි මේක ගැන ලොකු කතා බහක් ඇති වුනා 
ඒ J J abrams නිසාමත් නෙවේ කියල කියන්න පුළුවන් .. මොකද මේක විකාශනය 
වෙන්නත් කලින් ලොකු ආදෝලනයක් ඇති කරා නමුත් පටන් ගෙන ටික කලක් යද්දී 
මේ කතා මාලාව විකාශනය කරන දින එහෙ මෙහේ කරා ඇත්තටම ඒක මට නම් හිතෙන්නේ 
NBC ආයතනයේ වරද්දක්දෝ කියලා .. ඒ වගේම මේ පළමු අධියර කොටස් දහයකින් 
නවත්තලා නැවත ආයේ පටන් ගත්තේ මාස කිහිපයකට පසුව එමගින්ද මෙය නරබන්නන් 
යම් තාක් දුරට කනස්සල්ලට පත්වුනා ...හැබැයි මට හිතුනු විදිහටනම් මේ පමා කිරිල්ල 
නිසා ඉතුරු කොටස් දහය අපිට ඔවුන් ලබාදුන්නේ ක්‍රියාදාම වලින් පුරවලා .. එය ඇත්තටම 
යාම අවධානයක් නැවත අරන් දුන්නා කතා මාලාවට ... ඒ වගේම මෙහි අවසානය දුටු සමහරු 
(විචාරකයින් නොව) නරබන්නන් පැවසුවේ දෙවෙනි අදියරක් නොතිබෙවී කියලා ඒ වගේම 
හැමෝම දෙවෙනි කතා මාලාවේ නැවත විදුලිය ලැබිලා තියේවි කියලා මමත් එහෙමයි හිතුවේ 
නමුත් පුදුමාකාර ලෙස එම මතය නිර්මාපකයින් වෙනස් කරා ... 
 
දෙවෙනි අධියර ගැන කට්ටිය කියපු කතා ..............

ඇත්තටම කට්ටිය මුලින්ම කිව්වේ "අඩේ බන් අර චාලිට මොකද වෙලා තියෙන්නේ කියලා "
ඒ වගේම චරිත වල යම් ගුණාංග අඩු කරලා කියන්න පුළුවන් මොකද මයිල්ස් ගේ චණ්ඩ 
ප්‍රතිපත්තිය ඉවත් කරලා ඔහුව ටිකක් මෘදු කරලා තියෙනවා .. ඒ වගේම මොන්රෝ 
කැපී පෙනෙන චරිතයක් බවට පත්වේවි කියලා මට විස්වාසයි ... සමහරු ඒ ගැන මට 
කිව්වේ "මොන්රෝ නම් මේකේ හොද වෙයි වගේ කියලා" ... ඒ වගේම රේචල් මැතිසන් චරිතය 
මටනම් වැඩි වෙනසක් පෙනෙන්නේ නැ මොකද කියනවනම් තමන්ගේ ඉලක්කයට කෙසේ හෝ 
ගමන් කරීමේ ගුණාංගය ඒ විදිහටම තියෙනවා ...ඇරොන් ට කට්ටිය දැනගන්න ඇති අමුතු බලයක් 
හමුවෙලා තියෙනවා මටනම් හිතෙන්නේ මේ අමුතු හැකියාව ඉස්සරහදි හැමෝටම හරහට හිටීවි ... 
ඒ වගේම නෙවිල් හා ඔහුගේ පුතා මොවුනුත් මට පෙන්නේ දිගටම කතා මාලාවේ රැදිලා ඉදිවී ..

Patriots දේශප්‍රේමින් .......

ඇත්තටම මේ ගැන ඉගියක් අපි හැමෝටම දෙන්නේ පළමු අධියරේ අවසානයේදී .. මගේ පෞද්ගලික 
මතයනම් මොවුන් මොන්රෝ ජනරජයට වඩා මිනිසුන්ට හානියක් අකරණ පිරිසක් වෙයි කියලා 
ඒ වගේම හයවෙනි කොටස බැලුවානම් තේරෙයි ඔබලාට රෙචල් ගේ පියාත් මොවුන් සමග යම් 
සම්බන්දයක් තියෙන බවයි ... ඉතින් ඉදිරි කොටස් වල බලමු අපි මොනවාද වෙන්නේ කියලා .....

ඔය මට කිව්ව විදිහට කට්ටියගෙන් ඇහුනු විදිහට තමා මම ඔය කෙටි විස්තරයක් කරේ ඇත්තටම 
මෙතන යම් වැරද්දක් හරි ඔබගේ මතයක් ප්‍රකාශ කරනවානම් යටින් ප්‍රකාශ කරන්න ....
                     """" මගේ මතයනම් මේ කතා මාලව ගැන දැන් මෙහෙම තත්වෙක තිබුනාට මෙය ඉතාම 
අග්‍රගන්‍ය නිර්මාණයක් බවයි ඇත්තටම මේ වගේ කතාවක් බලන්න විනාඩි 40 ක් වගේ වැය කරාට 
කමක් නැ මොකද මෙහි අන්තර්ගත ක්‍රියාදාම හා විශේෂ ප්‍රයෝග ඉතාමත් හොද තත්වෙක තියෙනවා 
ඒ වගේම අවසානය දක්වා මෙතෙක් මම දැකපු කතා මාලා අතරින් වැඩියෙන්ම අපේ හිතේ කුතුහලයක් ඇති කරන්නේ මේකෙන් ... මේ කතා මාලාවේ රසිකයෝ එක දන්නවා ඇති ... """"

No comments:

Post a Comment